Sinhalese - සිංහල
රැකියා සුරක්‍ෂිතභාවය, වඩා යහපත් වැටුප්: ඕස්ට්‍රේලියානු සේවා ස්ථාන නීති සම්බන්ධ වෙනස්කම්
නව සේවා ස්ථාන නීති ගණනාවක් ඇතුලත් කිරීම සඳහා Fair Work Act (සාධාරණ වැඩ පනත) සංශෝධනය කර ඇත.
Secure Jobs, Better Pay: Changes to Australian workplace laws (ඕස්ට්‍රේලියානු සේවා ස්ථාන නීති සම්බන්ධ වෙනස්කම්) හි වැඩිපුර තොරතුරු ඇත. තොරතුරු පරිවර්තනය කිරීම සඳහා පිටුවෙහි ඉහළ ඇති මෙනුවෙන් භාෂාව තෝරා ගන්න .
අර්ධකාලීන සහ අනියම් සේවකයන්ද ඇතුළුව, සියලුම සේවකයන්ට වැටුප් සහිත දින 10ක පවුල් සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නිවාඩු සඳහා හිමිකම් තිබේ.
වැටුප් සහිත පවුල් සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නිවාඩු යනු, වාර්ෂික නිවාඩු හෝ අසනීප සහ රැක බලා ගන්නා අය සඳහා ලබා දෙන නිවාඩු වැනි නව අවම නිවාඩු හිමිකමක් වේ.
ම නිවාඩු ලබා ගත හැක්කේ:
- 2023 පෙබරවාරි මස 1 – කුඩා නොවන ව්‍යාපාර සේවා
- 2023 අගෝස්තු මස 1 – කුඩා ව්‍යාපාර සේවා යෝජකයින් ගේ සේවකයන් සඳහා.
වැඩිදුර විස්තර ඉක්මණින් අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වනු ඇත.
වැටුප් සහිත පවුල් සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නිවාඩු වෙතින් වැඩිදුර විස්තර දැන ගන්න. පරිවර්තනය කිරීම සඳහා පිටුවේ ඉහළින් ඇති මෙනුවෙන් ඔබේ භාෂාව තෝරන්න.
මේ පිටුවේ ඇති තොරතුරු රැකියාස්ථානයේ ඇති ඔබේ අයිතීන් සහ යුතුකම් වටහාගැනීමට උපකාරීවනු ඇත. ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු අයට හෝ, සේවකයින් රැකියාවන්හි යොදවන්නන් වැඩිදෙනෙකුට මේ තොරතුරු අදල වේ.
ඔබට භාෂණ පරිවර්තකයකූ අවශ්‍ය නම්:
- ප්‍රාදේශීය ඇමතුම් ගාස්තුවකට පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවය (TIS) අංක 131 450 මගින් අමතන්න
- ඔබ කතාකරන භාෂාව TIS ක්‍රියාකරුහට දන්වන්න
- අංක 13 13 94 මගින් Fair Work Infoline අමතන ලෙස TIS ක්‍රියාකරුගෙන් ඉල්ලා සිටින්න.
ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පහත සන්ධීන් (links) ඔබන්න.